මෙම ගිවිසුම TDO Wall Art සහ වෙබ් අඩවිය භාවිතා කරන්නා/පාරිභෝගිකයා අතර වේ. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් හෝ ඇණවුමක් කිරීමෙන් ඔබ මෙම සියලු කොන්දේසි වලට එකඟ වේ. ඕනෑම අවස්ථාවක මෙම කොන්දේසි වෙනස් කිරීමේ අයිතිය අප සතුවේ.
වර්ණ වෙනස්වීම් පිළිබඳ
- ඔබ භාවිතා කරන තිරයේ (Monitor) සැකසුම් මත පදනම්ව, සත්‍ය කැන්වසයේ වර්ණ සහ දීප්තිය වෙබ් අඩවියේ දිස්වන ආකාරයට වඩා මඳක් වෙනස් විය හැක.
- සියලුම නිෂ්පාදන ප්‍රමාණයන් ආසන්න වශයෙන් ලබා දී ඇත.
මිල සහ ගෙවීම්
- අපි මෙහි දක්වා ඇති මිල ගණන් විවිධ හේතූන් මත වෙනස් විය හැක.
- ඇණවුම කරන මොහොතේ දක්වා ඇති මිල පමණක් අය කෙරේ.
- ගෙවීම් ක්‍රම (උදා: Bank Deposit, Cash on Delivery)
- Cash on Delivery පහසුකම ලබාගන්නා විට ඔබගේ ඇණවුමේ මුලු මුදලින් 30%ක් ලබා දී ඇණවුම තහවුරු කල යුතු වේ.
- මාස 4කින් ගෙවීමේ හැකියාව සහිත Payzy පහසුකම ඇත.
ප්‍රවාහණය
- අපගෙන් ලබාගන්නා සියලුම ඇණවුම් සදහා ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.
- නිවැරදි භාරදීමේ ලිපිනය සැපයීම පාරිභෝගිකයාගේ වගකීමකි.
- භාරදීමේ කාලය ඇස්තමේන්තු වන අතර නිශ්චිත සහතිකයක් නොවේ
මුදල් ආපසු ලබාදීම් සහ අවලංගු කිරීම
- ආපසු මුදල් ලබා දෙන්නේ ප්‍රවාහනයේ සිදුවන හානි සදහා පමණයි.
- පාරිභෝගිකයින් භාණ්ඩය ලැබී දින 1ක් ඇතුළත හානි පිළිබඳව අපට දැනුම් දිය යුතුය.
- පාරිභෝගික අවශ්‍යතා අනුව සාදන ලද (Customized) ඇණවුම් දෝෂ සහිත නොවන්නේ නම් ආපසු ගැනීම් හෝ මුදල් ආපසු ලබාදීම් සිදු නොකරේ.